මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 6 වැනි ‘සයිලන් නයිට්’ ආසියාතික කරාටේ ශූරතාවලියට සහභාගී වීම සඳහා මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහලේ ඒ. ඞී. කේ. විකුම් දුලාංජන සුදුසුකම් ලබා තිබේ.
ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය විසින් කඩවත විද්‍යාලෝක විද්‍යාලයේදී පවත්වන ලද තෝරා ගැනීමේ පරීක්ෂණයේදී ඔහු, එම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත්තේය.
‘සයිලන් නයිට්’ ආසියාතික කරාටේ ශූරතාවලයට සහභාගී වීම සඳහා ඔහුට රුපියල් 120,000 ක පමණ මුදලක් වැයවන අතර එම මුදල මේ මස 15 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතුය. තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය මුදලින් කොටසක් ඔහුට තම පාසලෙන් ලැබෙන අතර ඉතිරි මුදල සොයාගැනීම සඳහා ඔහු අනුග‍්‍රාහකයකු සොයයි. 077 8353990 යන දුරකතන අංකය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත හැකිය.
මින් පෙර ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැති ‘එස්. කේ. එස්. අයි. එස්.’ 5 වැනි අන්තර් ජාතික කරාතේ තරගාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමටද විකුම් දුලාංජන සමත්විය.
එම තරගාවලියේ වයස 17 න් පහළ දුඹුරු පටි සහ කළු පටි තරග ඉසව්වට සහභාගී වූ විකුම්, එහිදී කුම්තේ කාණ්ඩයෙන් රන් පදක්කමද, කාතා කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමද දිනාගත්තේය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.