Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරාටේ - වූෂූ - මුයිතායි සංගම්වලට විරෝධතා

කරාටේ - වූෂූ - මුයිතායි සංගම්වලට විරෝධතා

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නිලවරණ කැඳවීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් තුනක සිදුවී ඇතැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (17) රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. 

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය, ශ්‍රී ලංකා වූෂු සම්මේලනය හා ශ්‍රී ලංකා මුයිතායි සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනකට අයත් පාර්ශ්ව නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ මොවුන්ගේ විරෝධයට පදනමක් නොමැති බවයි. 

“මෙම ජාතික සංගම් තුනට එරෙහිව ඉදිරිපත්ව තිබෙන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය දැනටමත් විමර්ශන ආරම්භ කරලා තිබෙන්නේ. ඒ අතර ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙම ජාතික ක්‍රීඩා සංගම් තුනට එල්ලවෙලා තිබෙන චෝදනා සම්බන්ධයෙන් වෙනම විමර්ශන ආරම්භ කරලයි තිබෙන්නේ.” යැයි ද ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. 

මේ අතර ශ්‍රී ලංකා මුයිතායි සංගමයේ වත්මන් පරිපාලන ඒකකය අත්හිටුවමින් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙන බවත් නව ක්‍රීඩා ඇමැතිවරයාගේ පත්වීම ප්‍රමාදයෙන් එය මේ වනවිට අත්හිටුවීමට සිදුව තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය හා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ වත්මන් පරිපාලන ඒකකයන්ට එල්ල වී තිබෙන මූල්‍ය අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය විමර්ශන දෙකක් දැනට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. 

ඒ අතර මුයිතායි සංගමයට එල්ල වී තිබෙන මූල්‍ය අක්‍රමිකතා බරපතළ වන බැවින් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය පවත්වන විමර්ශනයට අමතරව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද තවත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ මීළඟ නිලවරණය (2022-24) ලබන මැයි 17 වැනිදා ද පැවැත්වීමට නියමිතව ඇත. මුයිතායි සංගමය ලබන මැයි 31 වැනිදාට පෙර මීළඟ නිලවරණය (2022-26) පැවැත්විය යුතු වුවත් ඒ සඳහා මෙතෙක් දින ප්‍රකාශයට පත් කර නැත. 


අදහස් (0)

කරාටේ - වූෂූ - මුයිතායි සංගම්වලට විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.