Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කොළඹ කේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 66 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ දිමුත් සඳරුවන් ශතකයක් (102) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ දිලුම් සුධීර ඉනිම දෙකෙහිදී ලකුණු 91 කට කඩුලු 11 ක් දවාගනිමින් ජයග්‍රහණයට උරදුන්නේය.
කේරී විදුහල - පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(ශෙමිනිත් සිල්වා නොදැවී 26, මාර්ක් වික්‍රමසිංහ 23, චලිත තිලකරත්න 20, දිලුම් සුධීර 39/5, චාමර ප්‍රභාත් 16/3)
කරන්දෙණිය මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 8ක් දැවී ලකුණු 279
(දිමුත් සඳරුවන් 102, දිලුම් සුධීර 37, ඉශාර මදුවන්ත 30, ගනේෂ් මදුශංක 28, චාමර ප්‍රභාත් නොදැවී 26, සමිත් ඉසුරු 25, ලසිත් විමලසේන 97්‍ර5, දිමේෂ් සැමුවෙල් 37/3)
කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 26.3 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(අබ්දුල් රහ්මන් 27, ලසිත් විමලසේන 23, දිලුම් සුධීර 52/6, රවිඳු මිලාන් 13/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.