Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරන්දෙණිය මැදි විදුහලට ඉනිමක ජයක්

කරන්දෙණිය මැදි විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 120 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා (24 වැනිදා) සමත්විය. මෙම තරගය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කරන්දෙණිය මැදි විදුහලේ දිමුත් සඳරුවන් ශතකයක් (127) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තුන් ඉරියව් දස්කම් දැක්වූ දිලුම් සුධීර අර්ධ ශතකයක් (54) සහ ඉනිම දෙකෙහිදී ලකුණු 83 කට කඩුලු 12 ක් දවාගැනීමට සමත් වූයේය.

යාපනය ශාන්ත ජෝන් විදුහලේ කනගරත්නම් කපිල්රාජ් ලකුණු 73 කට කඩුලු පහක් දවා ගනිම්න් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(ජෙනී ෆෙලේමින් 40, කිෂාන් තුජාන් 23, දිලුම් සුධීර 34/5, රවිඳු මිලාන් 33/3)

කරන්දෙණිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 306
(දිමුත් සඳරුවන් 127, දිලුම් සුධීර 54, දනේෂ් මදුශංක 51, කනගරත්නම් කපිල්රාජ් 73/5)

ශා. ජෝන් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 27.3 කදී සියලුදෙනා දැවී ලකුණු 88
(ජෝශප් ස්ටාලන් 28, දිලුම් සුධීර 49/7, රවිඳු මිලාන් 27/3)

 


අදහස් (0)

කරන්දෙණිය මැදි විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.