ජාතික දුන්නෙන් විදීමේ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියකදී ජාත්‍යන්තර පරිසාධන මට්ටම ඉක්මවා යමින් දස්කම් දැක්වීමට කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ කමේෂ් රවිශාන් සමත්ව තිබේ. ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය සංවිධානය කළ මෙම තේරීම් තරගාවලිය ඉකුත්දා කොළඹ, ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තේරීම් තරගාවලියේ පළමු අදියරේදී ලකුණු 626 ක්ද, දෙවැනි අදියරේදී ලකුණු 608 ක්ද බැගින් මුලු ලකුණු 1234 ක් ලබාගැනීමට කමේෂ් රවිශාන් සමත්ව ඇති අතර එය ජාත්‍යන්තර පරිසාධන මට්ටමද ඉක්මවා යෑමකි.
රවිශාන්ගේ මෙම දක්ෂතාව ඇගයීම සඳහා ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ ජාතික පුහුණකරු චුන් ලී මහතා, ඔහුට නවතම පන්නයේ පිවික්ස් දුන්නෙන් විදීමේ උපකරණ කට්ටලයක්ද පිරිනැමීය.
තවමත් 14 වැනි වියේ පසුවන රවිශාන්, මේ වන විට ඩී. එස්. සේනානායක විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මුදිත රංග මහතා සහ නිමන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඔහුගේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.