Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කමිඳු රිච්මන්ඩ් විදුහල බේරාගනි

කමිඳු රිච්මන්ඩ් විදුහල බේරාගනි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ශතකයක් ලබාගනිමින් තම කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස් (114) සමත් විය.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස්, දෙවැනි ඉනිමේදී ලබාගත් ශතකය නිසා සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට සිදුවිය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ඬේමියන් ඩි බයිසර් (129) සමත් වූ අතර තරුෂ ප්‍රනාන්දු (83) අර්ධ ශතකයක් ලබාගත්තේය. ධනංජය ලක්ෂිත (70) සහ කමිඳු මෙන්ඩිස් (59) රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලු දෙනා දැවී 340
(ඬේමියන් ඩි බයිසර් 129, තරුෂ ප්‍රනාන්දු 83, නුවනිඳු ප්‍රනාන්දු 31, සඳුන් මෙන්ඩිස් 117/3, කවීෂ අභිෂේක් 28/2)
 
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 220
(ධනංජය ලක්ෂිත 70, කමිඳු මෙන්ඩිස් 59, කවීෂ අභිෂේක් 31, ආදිත්‍ය සිරිවර්දන නොදැවී 22, තරුෂ ප්‍රනාන්දු 41/3, ප්‍රවීන් ජයවික්‍රම 48/3, නුවනිඳු ප්‍රනාන්දු 44/2)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 7 ක් දැවී 262  
(කමිඳු මෙන්ඩිස් 114, පසරු චාමිකර 48, තවීෂ අභිෂේක් 45, ධනංජය ලක්ෂාන් 21, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 20, ඉමේෂ් බණ්ඩාර 38/3, ප්‍රවීන් ජයවික්‍රම 86/3)

 


අදහස් (0)

කමිඳු රිච්මන්ඩ් විදුහල බේරාගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.