Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට සිංහයෝ සී. ආර්. පරදවති

කන්ද උඩරට සිංහයෝ සී. ආර්. පරදවති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා රග්බි පිටියට තරමක් ආධුනිකයන් වන කන්ද උඩරට ‘සිංහ’ කණ්ඩායම නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු තරගයේදී කොළඹ ප‍්‍රධානතම රග්බි කණ්ඩායමක් වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට එරෙහිව ලකුණු 45-12 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල ලකුණු 20-9 ක් ලෙස පෙරමුණේ පසු විය.

අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල ගෝල, උත්සාහක දිනුම් සහ දඩුවම් පහර තුන බැගින් සාර්ථක කරමින් ලකුණු 45 රැස් කළේය. සී. ආර්. පිල දඩුවම් පහර 4 කින් ලකුණු ලැබීය.
අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල වෙනුවෙන් නයිජල් රත්වත්ත සහ කාංචන රාමනායක උත්සාහක දිනුම් දෙක බැගින් ද, මොහොමඞ් සෂාන් සහ පෙනියසි ටොකකිසි උත්සාහක දිනුම බැගින්ද සම්පූර්ණ කිරීමට සමත් වූහ.

රීසා මුබාරක්, සී. ආර්. පිල වෙනුවෙන් දඩුවම් පහර තුන සාර්ථක කරගත්තේය.


අදහස් (0)

කන්ද උඩරට සිංහයෝ සී. ආර්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.