Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට නිල් මහ සටන කල්යයි

කන්ද උඩරට නිල් මහ සටන කල්යයි

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී අද සහ හෙට (13 – 14) පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරඟය කල්දැමීමට විදුහල් දෙකේම විදුහල්පතිවරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඊයේ (12 වැනිදා) රැස්වූ සංවිධායක මණ්ඩලය මෙම තීරණය ගත්තේය.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රටේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තරගය පැවැත්වීම අවදානම් සහගත බව විදුහලේ දෙකේම බලධාරීන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් ලබන සතියේ දින දෙකක ප්‍රේක්ෂකයන් හෝ දෙමව්පියන් නොමැතිව මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට පාසල් දෙකේම බලධාරීහු එකඟ වූහ.


අදහස් (0)

කන්ද උඩරට නිල් මහ සටන කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.