Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහමායා බාලිකා විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලත් අතර පවත්වනු ලබන කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහා සටන යන විරුදාවලිය ලත් මහා ක්‍රිකට් තරඟය ජූලි මස 18 වැනි දින (සිකුරාදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම මහා ක්‍රිකට් තරගය මෙවර පවත්වනු ලබන්නේ තුන්වන වරට වන අතර මෙතෙක් පැවැති තරඟ දෙකෙන් මහමායා විදුහල එක් තරඟයක්ද ශාන්ත අන්තෝනි බාලිකා විදුහල එක් තරඟයක් ද වශයෙන් ජය ලබා තිබේ. එබැවින්මෙවර තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කිරීමේ ගෞරවය හිමිවනු ඇත.
රුවන්දි නෙත්තිකුමාරගේ නායකත්වයෙන් යුතු මහමායා කණ්ඩායම එරංග ගංගොඩ සහ සචිනි කුරුප්පුගේ පුහුණුකාරීත්වයෙන් සන්නද්ධවී මෙවර මහා ක්‍රිකට් තරඟයට සූදානම් වී සිටී. පිතිකරු අංශයෙන් සහ වේගපන්දු බල ඇනියෙන් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට මහමායා කණ්ඩායම සූදානම්ව සිටි.
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් පිලේ නායකත්වය දරණු ලබන්නේ කව්මිනි රණතුංග විසිනි. කේ. ද සොයිසාගේ පුහුණුකාරිත්වයෙන් සන්නද්ධව පිටියට පිවිසෙන ශාන්ත අන්තෝනි ක්‍රීඩිකාවන්ගේ ප්‍රධාන අවිය පිතිකරණ අංශය බවයි කණ්ඩායම් නායිකාව පවසා සිටින්නේ.
මෙම පාසල් දෙකේම සිටි කීර්තිමත් විදුහල්පතිනියක වූ අභාවප්‍රාප්ත එන්. කේ. පිලපිටිය මහත්මියගේ නමින් මෙම මහා ක්‍රිකට් තරගාවලියේ ජග්‍රාහිකාවන්ට පිරිනැමෙන කුසලානය නම් කිරීමට මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.
මහමායා කණ්ඩායම
වාඩිවි වමේ සිට දකුණට
එරංග ගංගොඩ (ප්‍රධාන පුහුණුකරු), ජීවන්ති ජයරත්න(ක්‍රීඩාභාර ආචාර්ය), රුවන්දි නෙත්තිකුමාර (නායිකා), ශෂිකලා සේනාධීර (විදුහල්පතිනි), යෙනුලි අමරසිංහ (උප නායිකා), අසංක බණ්ඩාර (කණ්ඩායම් භාර ආචාර්ය) සහ සචිනි කුරුප්පු (සහකාර පුහුණුකාරිනි)
පසුපෙළ වමේ සිට දකුණට-
තරින්දී දිසානායක, රිද්මී ගුණරත්න, හියත්මා ජයරත්න, තිනිති අන්සාලි, හෂාරි කෞශල්‍යා, සනුකි පතිරගේ, විඳුණි සකලසූරිය, අසේනි තලගුණේ, සයුනි ප්‍රේමරත්න, අනන්දි විදර්ශනී, ගනිත්‍යා කොතලාවල, රණුමී සහන්සා සහ අමාශා රිදීමහලියද්ද)
ශාන්ත අන්තෝනි බාලිකා කණ්ඩායම
වාඩිවී වමේ සිට දකුණට
කේ.ද සොයිසා (ප්‍රධාන පුහුණුකරු) එස්.එම්. පරණවිතාන (ක්‍රීඩා භාර ආචාර්ය) කව්මිනී රණතුංග (නායිකා) ඩී.යු. දුනුවිල (විදුහල්පතිනි) මදුශංකා හෙට්ටිආරච්චි (නියෝජ්‍ය විදුහල්පතිනි) පූර්නිමා ගුණවර්ධන (උප නායිකා) නිර්මලාගමගේ(කණ්ඩායම්භාර ආචාර්ය) කැලුම් බණ්ඩාර (කණ්ඩායම්භාර ආචාර්ය)
පසු පෙළ හිටගෙන වමේ සිට දකුණට-
මයාෂා රිස්වි, කවිෂ්කා අබේරත්න, හුදාහ්සිහාර්, මලීෂා බෙරෙන්ජර්, මල්මී හේරත්, දැහැමි කරුණාතිලක, චමෝදි මෙන්ඩිස්, සනුරි අබේසේකර, දුලිනා ප්‍රනාන්දු, වයි. ප්‍රවීණ්‍යා, නුවානි මුතුකුමාර, දිහාන්සා රත්නායක සහ රෝෂිනි සමරවීර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.