
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අනිද්දා (11 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් වන ඩයලොග් සමාගම විසින් ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කර තිබේ.
https://dlg.lk/apekollo යන වෙබ් අඩවිය ඔස්සේ මෙම ඩිජිටල් වේදිකාවට පිවිසිය හැකිය. මෙම ඩිජිටල් වේදිකාව ඔස්සේ කණ්ඩායමට සුබ පතන්නන් අතුරින් වාසනාවන්තයන් 1000 ක් තෝරාගෙන ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල බැනියම් පිරිනැමීමටද ඩයලොග් සමාගම කටයුතු යොදා ඇත.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණය, මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය, මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය, අනුරාධපුර රාජාංගණය ක්‍රීඩාංගණය සහ යාපනයේ කලයිමති යන ක්‍රීඩාංගණ වලදී දැවැන්ත ඩිජිටල් තිර ස්ථාපිත කර, ආසියානු කුසලාන අවසන් මහ තරගය සජීවී ලෙසින් විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ආසියානු කුසලාන ජයගත්තේ වසර 2014 දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේදීය. එදා ආසියානු කුසලාන ජයගත් කිසිම ක්‍රීඩකයකු වත්මන් කණ්ඩායමේ නොසිටීමත් කැපී පෙනේ.
ඩයලොග් ආසියාටා පී.එල්.සී හි ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා නව ඩිජිටල් වේදිකාව ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු සුබපැතීම එක්කළ මොහොත. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සහකාර ලේකම් ක්‍රිෂන්ත කපුවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස සහ ඩයලොග් ආසියාටා ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

- 213
Subashini dissanayake Sunday, 11 September 2022 06:27 PM
සුබපැතුම් අපේ ක්‍රිකට් කණ්ඩායමට... දෙවි පිහිටයි...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.