ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන කණිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය නොවැම්බර් මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ති‍්‍රකුණාමලය ඊගල්ස් ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය රන්, රිදී සහ ලෝකඩ ලෙස කාණ්ඩ 3 කින් සමන්විත වන අතර එහි රන් කාණ්ඩයේදී අවුරුදු 15 - 17 අතර වයස් කාණ්ඩ සඳහාත්, රිදී කාණ්ඩයේදී අවුරුදු 11 - 14 අතර වයස් කාණ්ඩ සඳහාත්, ලෝකඩ කාණ්ඩයේදී අවුරුදු 10 සහ 10 න් පහළ වයස් කාණ්ඩ සඳහාත් තරග පැවැත්වේ.
ඉකුත් වසරේ මහනුවර, දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැති තරගාවලියේදී දස්කම් දැක්වූ සෆ්රාස් සිකන්දර්, සචින් ද සිල්වා, ප්‍රශාන් පීරිස්, ධනරංජන්, අහමඞ් ෆලාමර් කල්දේරා, ඉශිර ප්‍රනාන්දු, අරවින්ද් හයිඩ්රාමනි, විනොද් වීරසිංහ සහ ශේමානි ජාගොඩ යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගාවලියේදීද ඉහළ වයස් කාණ්ඩ වල ඉදිරියෙන් සිටිති.
පහළ වයස් කාණ්ඩ වල කයිල් පෙරේරා, ගුඞ්ෆි සහෝදරයෝ, මහීෂ හිරුශාන් සහ සත්සර දිල්ශාන් යන කී‍්‍රඩකයෝ පෙරමුණේ පසුවෙති.
දෙවැනි වරටත් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ප්‍රීමා සන්රයිස් බ්‍රෙඞ් සමාගම ඉදිරිපත්වී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.