Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් නිලධාරීන් එකමුතු වුණාලූ

කි‍්‍රකට් නිලධාරීන් එකමුතු වුණාලූ

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ විවිධ මත ගැටුම් හේතුවෙන් ඇතිව තිබූ ගැටළු නිරාකරණය කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී අද (14 වැනිදා) පැවති විශේෂ සාකච්ඡවේදී විරසකව සිටි පාර්ශ්වයන් එකට වැඩ කිරීමට එකඟ වූ බව ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ්, උප සභාපතිවරුන් වන අසංග සෙනෙවිරත්න, මොහාන් ද සිල්වා යන මහත්වරුන්ද විධායක කමිටු සාමාජිකයන් වන හිරන්ත පෙරේරා, අජිත පැස්කුවල් ඇතුලූ මහත්වරු පිරිසක් සහභාගී වූහ.


අදහස් (1)

කි‍්‍රකට් නිලධාරීන් එකමුතු වුණාලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.