Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස්වුඞ් විදුහල ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන දිනයි

කිංග්ස්වුඞ් විදුහල ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන දිනයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (23) පැවැති 27 වැනි ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් කිංග්ස්වුඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 44-21 ක ජයක් ලැබීමට සමත් වූහ.

කිංග්ස්වුඞ් විදුහල මෙම තරගය ජය ලැබූ 19 වැනි වසර මෙය වේ.

ජයග‍්‍රාහි කිංග්ස්වුඞ් විදුහල ගෝල තුනකින්, උත්සාහක දිනුම් හතරකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. වෙස්ලි විදුහලට උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-06 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණ ගත්තේය.

කිංග්ස්වුඞ් විදුහලට සාලේ මොහොමඞ් උත්සාහක දිනුම් දෙකක් ද, නායක අසේල විජේසිංහ, ෆාරිස් අලී, මලිත් ප‍්‍රියංකර, එස්. උඩගලහිටියාව සහ ප‍්‍රදීප් කුමාර උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කළහ.

චාමික කුෂාන් උත්සාහක දිනුම් දෙකක් සහ දිල්ෂාන් විමුක්ති උත්සාහක දිනුමක් වෙස්ලි විදුහලට එකතු කළහ.

 

 


අදහස් (0)

කිංග්ස්වුඞ් විදුහල ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.