Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රකට් ලොක්කෝ විශාරදයන්ගෙන් කරුණු විමසති

කි‍්‍රකට් ලොක්කෝ විශාරදයන්ගෙන් කරුණු විමසති

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා අද (31 වැනිදා) රැස්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව ඒ සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් සාකච්ඡ කිරීම සඳහා ලබන සඳුදා (3 වැනිදා) නැවතත් හමුවීමට තීරණය කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව සංශෝධන අනුව විශේෂ පනත් 6 ක් හඳුන්වා දී තිබේ. ඒවායින් ඇතැම් පනත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපතට හේතු වුවත් ඇතැම් පනත් මගින් ශී‍්‍ර ලංකාව ඇතුළු රටවලට දැඩි හානි පැමිණෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම පනත් සම්බන්ධයෙන් නීති සහ මූල්‍ය විශාරදයන්ගේ නිර්දේශ ලබාගැනීම සඳහා කි‍්‍රකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක්ද පත් කරන ලදි.

මෙම විශේෂ කමිටුවේ නිර්දේශ සාකච්ඡ කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ලබන සඳුදා නැවතත් රැස්වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කළ විමසීමකදී විධායක කමිටු නිලධාරියෙක් කියා සිටියේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සංශෝධන සඳහා විරුද්ධ වන්නේ නම් ඒ සඳහා සාධරණ හේතු මත විරුද්ධ විය යුතු බවයි. කෙසේ වෙතත් ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය එකතුව ගෙන ඒමට තනන මෙම සංශෝධන නිසා එම රටවලට අත්විය හැකි ඒකාධිකාරී බලය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තදින්ම විරුද්ධ වන බවත් හෙතෙම පැවසීය.

 


අදහස් (0)

කි‍්‍රකට් ලොක්කෝ විශාරදයන්ගෙන් කරුණු විමසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.