තලවතුගොඩ ඔස්ටේෂියා ක්‍රීඩා සමාජය සිවුවැනි වරට සංවිධානය කරන පිහිනුම් තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 22 වැනිදා අවසන් වේ. මෙම තරගාවලිය මේ මස 26 වැනිදා ඔස්ටේෂියා ක්‍රීඩා සමාජ පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය වයස 9 න් පහළ වයස් කාණ්ඩයේ සිට වයස් කාණ්ඩ කීපයකින් පැවැත්වෙන අතර පාසල් සහ ක්‍රීඩා සමාජ වශයෙන් තරගාවලියට සහභාගි විය හැකිය.
වැඩි විස්තර 0773572973 හෝ 0115566566 දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.