වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ මූලික වටයේ තරග මෙම මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතය. දින 15 කින් සමන්විත මෙම තරගාවලිය පෙබරවාරි මස 1 වැනිදා දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරදී පැවැත්වේ.
මෙය 114 වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය වන අතර මෙවර තරගාවලියේ කේවල තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 128 දෙනා බැගින්ද, යුගල තරග සඳහා යුගලයන් 64 බැගින්ද සහභාගිවීමට නියමිතය. එහි සුදුසුකම් ලැබීමේ තරග මෙම මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුලු මුදල ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 111.5 ක් වේ. එහිදී පිරිමි කේවල ශූරතාව සහ කාන්තා කේවල ශූරතාව සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.15 ක් බැගින්ද අනු ශූරතා සඳහා ඕස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 2.15 ක් බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.
අවසන් වරට (2025) පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලියේ ජැනික් සිනේර්ද, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ඇමරිකාවේ මැඩිසන් කීස්ද සමත් වූහ. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක් දිනා සිටින සර්බියාවේ නොවැක් ජොකොවික්ද මෙවර තරගාවලියට සහභාගි වී සිටියි.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ඉතිහාසයේ වැඩිම පිරිමි කේවල ශූරතා සංඛ්‍යාවක් දිනා ඇත්තේද ජොකොවික් වන අතර ඒ ශූරතා 10 කට හිමිකම් කියමිනි. ඕස්ට්‍රේලියානු ජාතික මාග්‍රට් කෝට් ශූරතා 11 කට හිමිකම් කියමින් එහි වැඩිම කාන්තා කේවල ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩිකාව බවට පත්ව සිටියි.
මේ වන විට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් (ශූරතා 24 බැගින්) දිනා සිටින ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසද ජොකොවික් සහ මාග්‍රට් හැඳින්විය හැකිය. මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට ජොකොවික් සමත් වුවහොත් ඔහුට මාග්‍රට් පසුකර යෑමේ අවස්ථාවද හිමිවනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.