ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඇතිවී තිබෙන ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය දුරදිග යාම හේතුවෙන් මේ මාසයේදී පැවැත්වීම නියමිත ඕස්ට්‍රේලියානු ‘ඒ’ පිලේ දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වීම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තත්ත්වය මත ඕස්ට්‍රේලියානු පිලේ බංග්ලාදේශ සහ ඉන්දීය සංචාරද අවදානමට ලක්ව ඇති බව ඒ.එෆ්.පී පුවත් සේවය කියයි.
ගෙවීම් සම්බන්ධයෙන් එකඟතාවක් හෝ අවබෝධතා ගිවිසුමක් නොමැතිව දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩකයන් සූදානම් නැති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දනුම් දී තිබේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඕස්ටේලියානු ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම් ජූනි 30 වැනිදා අවසන් වීම නිසා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 200 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට රැකියාවක් නැති තත්ත්වයට පත්ව තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඇතිකරගැනීමට යන නව ගිවිසුමේ කොන්දේසි වලට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ එකහෙළාම විරුද්ධව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.