Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටු නිලවරණය ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් ඇමැතිට ලියයි

ඔලිම්පික් කමිටු නිලවරණය ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් ඇමැතිට ලියයි

editorial - 2026 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

 ජාතික ඔලිම්පික් කමිටුවේ පැවැති නිල කාලය (2021 - 25) පසුගිය (2025) දෙසැම්බර් 27 වැනිදා නිත්‍යානුකූලව  අවසන්ව තිබෙන බැවින් එහි මීළග නිලවරණය (2026 -30) නොපමාව කැදවීමට මැදිහත් වන ලෙස ඉල්ලා එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් සමූහයක් විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියට ජාතික ක්‍රීඩා සංගම් 10 කට ආසන්න ගණනක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ.ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය හා වාර්ෂික මහ සභා රැස්වීම (2025) පසු ගිය දෙසැම්බර් 27 වැනිදාට පෙර පැවැත්වීමට අපොහොසත් වීමෙන් එහි ව්‍යවස්ථාවේ රෙගුලාසි ගණනාවක් කඩවී තිබෙන බැවින් එයින් සාමාජික ජාතික ක්‍රීඩා සංගම් වලට අසාධාරණයක් සිදුවී ඇතැයි එම ලිපියෙන් ඉහත ජාතික ක්‍රීඩා සංගම් අවධාරණය කර තිබේ.

ඒ අතර ඔලිම්පික් කමිටුවේ තවදුරටත් කටයුතු කරමින් සිටින බව ප්‍රකාශවී ඇති විධායක සභාවේ 12 දෙනාගෙන් හය දෙනෙකුගේ මෑත කාලයේ පත් කිරීම් එහි ව්‍යවස්ථාවට පටහැණිව කෙරී ඇතැයි නිරීක්ෂණයවී ඇතැයිද ඇමැතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

විසංවාදය, සාමුහිකත්වය හා රැස්වීම තුළින් මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සදහා සාමාජික ජාතික ක්‍රීඩා සංගම් වලට හිමි අයිතිය තහවුරු කර ගැනීම සදහාත් ජාතික ඔලිම්පික් කමිටුවේ උද්ගත්ව පවතින අනීතික හා නීති විරෝධි ක්‍රියාමාර්ගවලට එරෙහි වීමට නොපමාව මැදිහත් වන ලෙස එහිදී මෙම ජාතික ක්‍රීඩා සංගම් සමූහය ක්‍රීඩා ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිල කාලය (2021- 25) අවසන්ව තිබෙන බැවින් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය අනුව මීළග නිලවරණය කැදවීම හා එහි ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම පිළිබදව ඊට මැදිහත්ව සිටින ශ්‍රී ලංකාවේ පාර්ශව වෙත අන්තර් ජාතික  ඔලිම්පික් කමිටුවෙන් දැනුවත් කිරීමක් ඉල්ලා සිටීමටද ජාතික ක්‍රීඩා සංගම් සමූහය තීරණය කර තිබේ.

 


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණය ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් ඇමැතිට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.