Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් නිලවරණය නැවතත් කල්යයි

ඔලිම්පික් නිලවරණය නැවතත් කල්යයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2013-17) තවත් මාස හයකින් කල් දැමූ බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පසුගිය දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඒ දිනවල ප‍්‍රකාශ වූයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ දිනයේ සිට ඉදිරියට මාස හයක් දක්වා වන කාලයකට නිලවරණය අත්හිටුවන  බවයි. මාස 6ක කාල සීමාව මෙම 27 වැනිදා අවසන් වන අතර එදින සිට කි‍්‍රයාත්මක වන පරිදි නිලවරණය  යළි අත්හිටුවීමේ කාලසීමාව දීර්ඝ වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔලිම්පික්  කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ‘කී‍්‍රඩා අමාත්‍යාංශය’ යනු තවදුරටත් ජාතික ඔලිම්පික් කමිටුවේ තහනම් වචනයක් නොවන බවයි.

”අප දෙපාර්ශවය අනවබෝධයෙන් කටයුතු කළ කාලය අවසන්. ඒ තත්ත්වය ඇතිකළේ මේ ප‍්‍රශ්නයට මැදිවුණු වෙනත් පාර්ශවයන් විසිනි.”

”ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා අප දෙපාර්ශවය ඇරඹූ සාකච්ඡුා දැන් පළදායි මට්ටමකට පැමිණ තිබෙනවා.” යයිද ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මේ අතර වසර 2017 දී හම්බන්තොට නගරයේ දී පැවැත්වීමට යෝජිත තෙවැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ ශිී‍්‍ර ලංකා සත්කාරය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන ඔහු පැවසුවේ ආසියානු ඔලිම්පික් සභාවේ ප‍්‍රධානින් ජුනි 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන්  පසු එම කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය සම්න්ධයෙන් අවසන් විසඳුමක් ලැබෙන බවය.

 ”දැනට ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ තරග පැවැත්වෙන කී‍්‍රඩාංගණ ඉඳිකිරීම්  තවමත් ආරම්භවී නොතිබීම ගැන”

”ඒ ගැන ආසියානු ඔලිම්පික් සභාවේ කණස්සල්ල පළවී තිබෙනවා. නමුත් අපේ උත්සාහය කී‍්‍රඩා උළෙල අඩු තරමින් තව මාස කිහිපයකින් හෝ කල් දාන්න ඉල්ලීමක් කිරීමටයි..... ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තුළ විශාල ශ‍්‍රම බලකායක් ඉන්නවා. ඒ නිසා කී‍්‍රඩාංගණ ඉදිකිරීම අපට ගැටළුවක් නොවන බව ඒ අයට අප ඒත්තු ගැන්වීමට උත්සාහ ගන්නවා”

”ඔවුන් ඒ සඳහා අපට කැමැත්ත පළ කළොත් කී‍්‍රඩා උළෙල හම්බන්තොටදීම පැවැත්වීමට හැකිවේවි” යයිද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

ඔලිම්පික් නිලවරණය නැවතත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.