ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිරිගැන්වීමේ ත්‍යාග මුදල් ප්රදානයේදී ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) ප්රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
උදාවූ වසර 2014දී ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ ඉන් ඉහළට ඇති අන්තර්ජාතික තරගවලදී පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන හතරේ සිට මුදල් ත්‍යාග ප්රදානය කෙරේ.
කෙසේ වුවත් ඔලිම්පික් පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට අවම රුපියල් මිලියන 30ක් ගෙවිය යුතු බවට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.
මෙම වසරේදී ඉංචියොං නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා ශූරතාවලියේ්දී හා ”ග්ලාස්ගෝ” නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන හතර, තුන හා දෙක බැගින් මුදල් ත්‍යාග ප්රදානය කෙරේ.
මෙම වසරේදී ආසියානු ක්‍රීඩා කණ්ඩායම් ඉසව් ජය ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම්වලටද මුදල් ත්‍යාග ප්රදානය කෙරෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අධ්යක්ෂ සජිත් ජයලාල් මහතා පවසයි.
කණ්ඩායම් ඉසව් රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ 15ක්, ලක්ෂ 10ක් හා ලක්ෂ හත හමාරක් වන පරිදි එහිදී මුදල් ත්‍යාග ප්රදානය කෙරේ.
කෙසේ වුවත් කණ්ඩායම් ක්‍රීඩා ඉසව් ආසියානු ශූරතා රන්, රිදී හෝ ලෝකඩ පදක්කම් හිමිකර ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම්හි සාමාජිකයන් ගණන හයට අඩුනම් ප්රදානය කරන මුදල රුපියල් මිලියනයක්, ලක්ෂ 7.5ක් හා ලක්ෂ පහක් බැගිනි.
එවැනි කණ්ඩායමක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ගණන හයට වැඩි වන්නේ නම් රන්, රිදී හෝ ලෝකඩ පදක්කම්ලාභීන්ට ප්රදානය කෙරෙන්නේ රුපියල් ලක්ෂ පහක්, තුනක් හා දෙකක් බැගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.