Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නව සභාපති අෂ්හර් හමීම්

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නව සභාපති අෂ්හර් හමීම්

ශානුක අරවින්ද - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මහ සභා රැස්වීමේදී ඉදිරි වසර 4 ක කාල සීමාව සඳහා සංගමයේ නව සභාපතිවරයා ලෙස අෂ්හර් හමීම් මහතා නිතරගයෙන් පත්විය. අෂ්හර් හමීම් මහතා සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකුද වෙයි.

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය යනු ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ වාහන ධාවන තරග සංවිධානය කිරීම සඳහා බලය ලත් මව් සංගමය වෙයි. මෙම නිලවරණය ඉරිදා (31 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මාතර රාහුල විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හමීම් මහතා, ‘රුහුණු රැළිය’ මෝටර් රථ තරගාවලිය පිට පිටම තෙවරක් ජයගත් දක්ෂ රියැදුරෙකි. ශ්‍රී ලංකාව පුරා පැවැති මෝටර් රථ තරගාවලි රැසකට සහභාගී වී ඇති ඔහු, 1997 වසරේ සිට ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර එහි උප සභාපති ධූරයද දරා ඇත.

කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජයේ නියෝජිතයකු වන ෂෙහාන් ද තිසේරා මහතා මව් සංගමයේ නව ලේකම්වරයා ලෙස පත්වූයේද නිරගයෙනි. තනතුරු සංඛ්‍යාවට සමාන නාමයෝජනා සංඛ්‍යාවක් පමණක් ඉදිරිපත්වී තිබීම හේතුවෙන් එහිදී ඡන්දයක් නොපැවැත්වුණ අතර සියලුම තනතුරු සඳහා නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.

ඬේවිඞ් ටොඞ් (මෝටර් රේසිං සංගමය) සහ සුමින්ද ද සිල්වා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය) යන මහත්වරු මව් සංගමයේ උප සභාපතිවරු ලෙස පත්වූහ. එහි උප ලේකම්වරයා ලෙස ලෙස රිස්වි ෆාරුක් මහතාද (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය), භාණ්ඩාගාරිකවරයා ලෙස උපුල්වන් සේරසිංහ මහතාද (මීගමුව මෝටර් රථ සමාජය) , උප භාණ්ඩාගාරිකවරයා ලෙස කර්නල් දුමින්ද ජයසිංහ මහතාද (ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය) පත්වූහ.

සංගමයේ අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 9 නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනා බැගින්ද, යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු දෙදෙනෙක්ද කමිටු සාමාජිකයන් අතරට ඇතුළත් වූහ.

සංගමයේ පළමු විධායක කමිටු රැස්වීම ලබන සතියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අනු කමිටු සඳහා නිලධාරීන් පත් කිරීම සහ නව තරග කාලසටහනක් සකස් කිරීම සිදුකෙරෙනු ඇතැයි නව සභාපතිවරයා ‘ලංකාදීප’යට පැවසීය.


නව නිලධාරී මණ්ඩලය
සභාපති - අෂ්හර් හමීම් මහතා

ලේකම් - ෂෙහාන් ද තිසේරා මහතා
උප සභාපතිවරු - ඬේවිඞ් ටොඞ් මහතා සහ සුමින්ද ද සිල්වා මහතා
උප ලේකම් - රිස්වි ෆාරුක් මහතා
භාණ්ඩාගාරික - උපුල්වන් සේරසිංහ මහතා
උප භාණ්ඩාගාරික - දුමින්ද ජයසිංහ මහතා
කමිටු සාමාජිකයෝ - සංජය සේදර සෙනරත්, එරන්ද වාකිෂ්ඨ, සෆ්රාස් ජ්‍රනෙයිඞ්, යොහාන් ලෝරන්ස්, ධම්මික පීරිස්, සුරංජිත් ප්‍රේමදාස, දිනේෂ් ජයවර්ධන, ජාලිය ජයසෙකර, පුබුදු වික්‍රම, කාමිල් හුසේන්, ටී.ජී.එන්. ගාමිණී, මාලක හේරත්, නමාස් ෆව්සි, කාලිම් ඉක්බාල්, අභීත් දංගල්ල, රයන් ග්‍රේ, ජනක ඩයස්, ජයන්ත ප්‍රනාන්දු, ඉන්දූ සමරකෝන් සහ එම්.එම්. චන්දන යන මහත්වරු 


අදහස් (0)

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නව සභාපති අෂ්හර් හමීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.