Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එස්.එස්.සී. බැඩ්මින්ටන් තරග ඇරඹෙයි

එස්.එස්.සී. බැඩ්මින්ටන් තරග ඇරඹෙයි

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන විවාත බැඞ්මින්ටන් තරගාවලිය දැන් ආරම්භ වී තිබේ. තරගාවලිය මේ මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

13 වැනි වරටත් පැවැත්වෙන මෙම විවෘත බැඞ්මින්ටන් තරගාවලිය ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් තරගාවලි අතර ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රේණිගත තරගාවලියකි. තරගාවලිය එස්.එස්.සී. බැඞ්මින්ටන් සංකීර්ණයේදී පැවැත්වෙයි. 

වයස 11 න් පහළ සිට 70 න් ඉහළ වයස්කාණ්ඩය දක්වා ඉසව් 52 කින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1000 ඉක්මවයි. බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ආයතනයේ මෙහෙයවීම මත පැවැත්වෙයි. 

තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සියලු ත්‍යාග මුදල්වල එකතුව රුපියල් ලක්‍ෂ 10 ඉක්මවයි. 

- 213 


අදහස් (0)

එස්.එස්.සී. බැඩ්මින්ටන් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.