කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විදුහල හා මග්ගොන සාන්ත මරියා විදුහල අතර තෙවැනි වරටත් සංවිධානය කරන ‘වෙරළ සටන’ වාර්ෂික එල්ලේ මහ තරගය ලබන ඉරිදා (8) කටුකුරුන්ද රේන්ජස් කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
බාලක සහ බාලිකා තරග දෙකක් පැවැත්වෙන අතර ඊට සමගාමීව දෙවැනි වරටත් සංවිධානය කරන ආදි ශිෂ්‍ය හා ආදි ශිෂ්‍යා එල්ලේ තරග දෙකක්ද එදින එම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දේශීය කී‍්‍රඩාවක් ලෙස සැලකෙන එල්ලේ කී‍්‍රඩාව වඩාත් ජනප්‍රිය කිරිමත්, කි‍්‍රකට් වැනි වියදම් අධික ක්‍රීඩා ඉසව් වලට සහභාගි විය නොහැකි, අඩු පහසුකම් ඇති පාසල් වල දරුවන්ගේ කී‍්‍රඩාශීලිත්වය ඉහළ නැංවීම සදහත් මෙම පාසල් එල්ලේ මහ තරගය පැවැත්වේ.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුරු දේවපි‍්‍රය මහතා සහභාගිවේ. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු ආසියානු තරග සදහා සහභාගි වු අයෝමය ශූරයකු වන කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ ආදි ශිෂ්‍ය ප්‍රගීත් තිසේරා මහතා සහභාගිවේ.
කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහල්පති පුබුදු සම්පත් සහ මග්ගොන සාන්ත මරියා විදුහල්පති අජන්ත චානක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම තරග සංවිධානය කෙරේ.
කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විදුහලේ බාලක එල්ලේ කණ්ඩායමේ නායකයා ලෙස එම්. රුවන් පෙරේරාද, බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙස ඩබ්ලිව්. එම්. වින්ද්‍යා මල්මි සිල්වාද කටයුතු කරති.
මග්ගොන සාන්ත මරියා විදුහල් එල්ලේ බාලක කණ්ඩායමේ නායකයා ලෙස ඩිල්ශාන් සචින්ත කටයුතු කරන අතර බාලිකා කණ්ඩායමේ නායිකාව වන්නේ සදිනි අනුෂ්කි ය.
කටුකුරුන්ද රෝමානු කතෝලික ආදි ශිෂ්‍ය සංගමය මෙවර මෙම එල්ලේ මහ තරගය සංවිධානය කරයි.
මග්ගොන සාන්ත මරියා විදුහල් එල්ලේ කණ්ඩායම්
කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විදුහල් එල්ලේ කණ්ඩායම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.