වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායම පරදවා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය ඕවර 44 කට සීමාවිය.
හැටන් නැෂනල් බැංකුව - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(බුද්ධී පෙරේරා නොදැවී 28, ඇනජලෝ පෙරේරා 20/3, ශිරාන් ප්‍රනාන්දු 08/2)
එල්.බී. ෆිනෑන්ස් - ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 108
(ළහිරු උදාර 29, සජීව වීරකෝන් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.