Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එරංගගේ පන්දු යැවීමට අනුමැතිය

එරංගගේ පන්දු යැවීමට අනුමැතිය

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීම නීත්‍යානුකූල යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (18 වැනිදා) නිවේදනය කළේය. ඒ අනුව ඔහුට ඉදිරියේදී අන්තර්ජාතික තරග වලට සහභාගි විය හැකිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බලය ලත් පර්යේෂණායතනයක් වන චෙන්නායිහිදී පරීක්‍ෂණ වලට මුහුණ දුන් එරංග පන්දු යැවීමේදී අත නවනු ලබන ප්‍රමාණය අංශක 15 ඇතුළත පවතින බවට නිගමනය වී තිබේ. එම පරීක්‍ෂණය කර ඇත්තේ එරංග සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසුවය.

කෙසේ වෙතත් එරංග පන්දු යැවීමේදී කිසියම් සැකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය වසරේදී චෙස්ටර් ලී ස්ටී්‍රට්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව එරංගගේ පන්දු යැවීම නීති විරෝධී යයි පැමිණිලි කෙරුණ හෙයින් ඔහුගේ පන්දු යැවීම තහනම් කරන ලදි.

 


අදහස් (0)

එරංගගේ පන්දු යැවීමට අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.