Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තයට ලකුණු 25 ක ජයක්
යොවුන් එක්දින තරගාවලිය

එංගලන්තයට ලකුණු 25 ක ජයක්

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම  ඕවර 47.3 ක් අවසානයේ ලකුණු 217 කට සීමා කිරීමට ජොෂුවා බොයිඩන් ප‍්‍රමුඛ එංගලන්ත යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බොයිඩන් ලකුණු 27 කට කඩුලූ 3 ක් දවාගත් අතර රෙහාන් අහමඞ්, ටොම් පී‍්‍රස්ට් සහ ජොස් බේකර් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කළහ.

එංගලන්ත යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ගොස් කී‍්‍රඩාගාරයේ අසුන් ගත්හ.

රනුද සෝමරත්න (57) සමග එක්වූ නායක දුනිත් වෙල්ලාලගේ, හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් ලබා සිටියදී ජෙකොබ් බෙතෙල්ගේ පන්දුවක් හමුවේ රෙහාන් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමින් වෙල්ලාලගේ දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

වෙල්ලාලගේගේ දැවීයෑමත් සමග ලකුණු 25 ක් තුළ ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ අවසන් කඩුලූ 5 ම බිඳවැටුණ අතර ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ට හිස එසවීමට එංගලන්ත පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.

පන්දු 73 කදී වාර්තා වූ සෝමරත්නගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර ජොෂුවා බොයිඩන්ගේ පන්දුවක් හමුවේ විලියම් ලූක්ස්ටන් අතට උඩ පන්දුවක් දෙමින් සෝමරත්න දැවීයෑමත් සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 60 ක් වන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ටොම් පී‍්‍රස්ට් සමත් විය. පිටියෙන් ඉවත්ව යන විට චමිඳු පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක්ද, අංජල පන්දු 41 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කී‍්‍රඩකයෝ  ඕවර 49.3 ක් අවසානයේ ලකුණු 242 ක් රැස්කළහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ නිලකුණු  ඕවරයක්ද සමග  ඕවර 9.3 ක් යවමින් ලකුණු 30 කට කඩුලූ 5 ක් බිඳහෙළීමට සමත් විය.

එංගලන්ත යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විලියම් ලූක්ස්ටන් පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර ජේම්ස් රිව් පන්දු 52 කදී ලකුණු 40 ක් රැුස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
එංගලන්ත යොවුන් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වූහ.

ආරම්භක පිතිකරුවන් වූ ජෝර්ජ් තෝමස් පන්දු 42 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, ජෙකොබ් බෙතෙල් පන්දු 22 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, ජේම්ස් සේල්ස් පන්දු 40 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් එංගලන්ත යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


එංගලන්ත යොවුන් පිල -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවි 242
(ජෝර්ජ් තෝමස් 27, ජෙකොබ් බෙතෙල් 23, ටොම් ප්‍රෙස්ට් 22, ජේම්ස් රිව් 40, විලියම් ලූක්ස්ටන් 44, රෙහාන් අහමඞ් 23, ජේම්ස් සේල්ස් නොදැවී 28, දුනිත් වෙල්ලාලගේ 30/5)

ශ්‍රී ලංකා යොවුන් පිල -  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 217
(චමිඳු වික‍්‍රමසිංහ 34, අංජල බණ්ඩාර 20, රනුද සෝමරත්න 57, දුනිත් වෙල්ලාලගේ 68, ජොෂුවා බොයිඩන් 27/3, රෙහාන් අහමඞ් 31/2, ටොම් පී‍්‍රස්ට් 36/2, ජොස් බේකර් 46/2)


අදහස් (0)

එංගලන්තයට ලකුණු 25 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.