ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු රොෂාන් මහනාම මහතාගේ පියාණන් වන උපාලි මහනාම මහතා අද (28) අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට 77 වැනි වියේ පසුවූ උපාලි මහානාම මහතා ප්‍රවීන ක්‍රිකට් විනිශ්චයකරුවකු මෙන්ම කලක් ක්‍රිකට් විනිශ්චයකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකුද විය
එතුමාගේ දේහය හෙට පෙ.ව.10.00 දක්වා අංක -178/1සී, නෙළුම් පෙදෙස, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ යන නිවසේ තැන්පත් කර තිබේ. හෙට පෙ.ව 10 න් පසු ප.ව.4.30 දක්වා අංක 100/2, රොස්මන්ඩ් පෙදෙස, කොළඹ 07 දරණ නිවසේදී දේහය තැන්පත් කිරීමට නියමිතය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) ප.ව. 5 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.