Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උපාලි - ගාමිණි මොරොක්කෝව පරදවති

උපාලි - ගාමිණි මොරොක්කෝව පරදවති

ශනුක අරවින්ද - 2014 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තයේ පැවැත්වෙන බී. එන්. පී. පරිබාස් ලෝක (කණ්ඩායම්) රෝදපුටු ටෙනිස් ශූරතාවලියේ මොරොක්කෝවට එරෙහිව ඊයේ (28 වැනිදා) පැවැති දෙවැනි කාණ්ඩයේ තරගයෙන් වට 3-0 ක ජයක් ලැබීමට උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල සමත්විය.

මෙම තරගාවලයේ පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනාගැනීමට ප‍්‍රංශය සමත්වූ අතර කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ නෙදර්ලන්තය විසිනි.

රටවල් 31 ක කණ්ඩායම් 52 ක් සහභාගී වන මෙම තරගාවලිය අනිද්දා (1 වැනිදා) නිමාවට පත්වේ.

   ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස මොරොක්කෝව පරාජය කරන ලදී.

  • උපාලි රාජකරුණා විසින් තරග වට 2-0 ක් ලෙස අයුබ් එටලි පරාජය කරන ලදී. (6/3, 6/3)
  • ගාමිණි දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස බෝකර්ටචා ලාජ් පරාජය කරන ලදී. (6/3, 6/1)
  • උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක විසින් වට 2-0 ක් ලෙස බෝකර්ටචා ලාජ් සහ ෆෝඞ් බෝග්නිම් පරාජය කරන ලදහ. (6/3, 6/1)

-036

 


අදහස් (0)

උපාලි - ගාමිණි මොරොක්කෝව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.