Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උදය රණසිංහට සමස්ත ලංකා මේසපන්දු ශූරතා දෙකක්

උදය රණසිංහට සමස්ත ලංකා මේසපන්දු ශූරතා දෙකක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහීපාල හේරත් අභියෝග ශූරතා සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම බාලක ශූරතාවන් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

වයස අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුෂවිතාන එහි දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
දිවයිනේ පාසල් 80 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක, කී‍්‍රඩිකාවෝ 400 ක් පමණ මෙම තරගාවලියට සහභාගීවූහ. තරගාවලිය රත්නපුර නව නගර ගෘහස්ථ කීඩාංගණයේදී පසුගියදා පැවතිවිණ.

සමස්ත ලංකා මේසපන්දු සම්මේලනය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ති‍්‍රක්ක වල මේස පන්දු සංවිධාන එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹින් පිටතදී පැවැත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය, සමස්ත ලංකා මේසපන්දු සංගමයේ සභාපති මහීපාල හේරත්, උප සභාපති කනක හේරත්, ලේකම් චන්දන පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.


තරග ප‍්‍රතිඵල

  • වයස 18 න් පහළ (බාලක) ශූරතාව - උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල)
  • වයස 18 න් පහළ (බාලිකා) ශූරතාව - එරන්දි වරුෂවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • වයස 15 න් පහළ (බාලක) ශූරතාව - උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල)
  • වයස 15 න් පහළ (බාලිකා) ශූරතාව - මුතුමාලි පි‍්‍රයදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල)
  • වයස 12 න් පහළ (බාලක) ශූරතාව - හේලිත හෙඳවිතාරණ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • වයස 12 න් පහළ (බාලිකා) ශූරතාව - ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • වයස 10 න් පහළ (බාලක) ශූරතාව - තිසත් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල)
  • වයස 10 න් පහළ (බාලිකා) ශූරතාව - අයිලා චිත්ති (කොළඹ කාන්තා විදුහල)

-036


අදහස් (0)

උදය රණසිංහට සමස්ත ලංකා මේසපන්දු ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.