Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුර පෙරමුණ ගනී
නිදහස් කුසලාන

උතුර පෙරමුණ ගනී

editorial - 2022 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ලංකා පළාත් නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ අපරාජිතව පෙරමුණ ගැනීමට උතුරැ කණ්ඩායම සමත්ව සිටියි. මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය හා අවසන් මහ තරගය පැවැත්වෙන දින වකවානු වෙනසක් කිරීමට සළකා බලමින් සිටියි.

නිල තරග කාල සටහනට අනුව අවසන් පූර්ව වටය මෙම 22 හා 25 යන දිනවලදීත් අවසන් මහ තරගය මෙම 28 වැනිදාත් පැවැත්වීමට තීරණය කර තිබුණි.

එහෙත් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම්වල ඉල්ලීම් සළකා බලමින් අවසන් පූර්ව වටය මේ මස 25, 26, දිනවල සහ මාර්තු 1-2 යන දිනවලදී පැවැත්වීම සඳහා අද (10) දිනයේදී සළකා බැලෙන බව ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

අලුතින් හඳුන්වා දුන් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ වෙනසක් වන්නේ එය තරග හතරක් දක්වා පැවැත්වීමයි. එහිදී වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් දෙදෙනා අවසන් මහ තරගයට නිර්දේශවේ.

අවසන් පූර්ව තරග හා අවසන්  මහ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණ තීරණය වන්නේ ඒ සඳහා නිර්දේශ වන කණ්ඩායම් නියෝජනය වන පළාත් පදනම් කර ගනිමින්ය.

මේ අතර මේ දක්වා තරගාවලියේ තරග 16ක් පැවැත්වීමේදී එක් තරගයක් සම්බන්ධයෙන් මතුවූ අර්බුදයකට තරග කමිටුව ලබාදුන් නිර්දේශ ඉකුත්දා ප්‍රකාශයට පත්විය.

කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 2 වැනිදා පැවැති ඌව කණ්ඩායම හා මධ්‍යම කණ්ඩායම අතර තරගයේදී දෙපිලේ ක්‍රීඩකයන් අතර සිදුවූ ගුටි බැට හුවරැවක් නිසා තරගයට පොලිසිය කැඳවීම තරම් දුරදිග ගියේය.

ඒ අතර එම ගැටුම හමුවේ විනිසුරැ වෙතින් දෙපිලේ ක්‍රීඩකයන් හය දෙනකුම පිටියෙන් පිටමං කරන රතුකාඩ් පත ලැබීය. තරගය මෙම තත්ත්වය හමුවේ අතරමග අත්හිටුවා නැවත අතිරේක කාලයක් ලබා දෙමින් පවත්වා අවසන් කිරීමට විනිසුරැවෝ කටයුතු කළහ.

එහිදී මධ්‍යම කණ්ඩායම ගෝල 2-1 කට ඌව කණ්ඩායම පරාජය කළේය. තරගය අවසන් වන විට ඌව කණ්ඩායම ක්‍රීඩකයන් 7 කටද මධ්‍යම කණ්ඩායම ක්‍රීඩකයන් 9 දෙනකුටද සීමා වී තිබුණි. 

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ශ්‍රී ලංකා පාපන්දු තරග කමිටුව සිය නිර්දේශ ප්‍රකාශයට පත් කළේය. එහිදී ඌව කණ්ඩායමේ ක්‍රීඩකයන් හය දෙනකුට ද මධ්‍යම කණ්ඩායමේ ක්‍රීඩකයන් 4 දෙනකුටද තරගාවලියේ ඉදිරි තරග දෙක බැගින් තහනම් කෙරැණි. ඒ ඔවුන්ට වසර නවයක පරිවාස කාලයක් ද ප්‍රකාශයට පත් කරමිනි.

මෙම විමර්ෂණයේදී මධ්‍යම කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට ඉදිරි මුළු තරගාවලියම තහනම් කෙරැණි. මොහු මෙම ගැටුමට මුල පිරෑ අය ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර තරගාවලියේ රන් පාවහන් (ගෝල්ඩන් බූට්ස්) සම්මානය සඳහා මෙතෙක් නිර්දේශ ක්‍රීඩක නාමාවලිය අනුව උතුරැ පිලේ එම්. නිරේෂන් ගෝල හතරක් වාර්තා කරමින් ඉදිරියෙන්ම පසුවේ.

තරගාවලියේ මෙතෙක් වාර්තා වී තිබෙන ගෝල ගණන 31 කි. ක්‍රීඩකයන් 20 දෙනකු අතරේ එම ගෝල බෙදී ගොස් තිබේ. 

රන් අත් ආවරණ (ගෝල්ඩන් ග්ලවුස්) සම්මානය සඳහා මෙතෙක් නිර්දේශ වී සිටින දැල් රකින්නන්ගේ නාමාවලියට අනුව තරග හතරකදී පැහැදිලි ගෝල අවස්ථා හතරක් බැගින් වළක්වා ගත් නැගෙනහිර පිලේ එම්. මුර්ෂින් හා සබරගමු පිලේ නුවන් ගිම්හාන ඒ සඳහා පෙරමුණේම පසුවෙති.

හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිත තරග

පෙබරවාරි 11
♦ පස්වරැ 3.00 ට: බස්නාහිර - ඌව අතර මහනුවර බෝගම්බර පිටියේදී
♦ පස්වරැ. 5.00 ට – මධ්‍යම – දකුණ අතර නාවලපිටිය ජයතිලක පිටියේදී

තරග ප්‍රතිඵල
♦ නැගෙනහිර පිල විසින්  ඌව පිල පරාජය කරන ලදි (1-0)
♦ උතුරැ පිල විසින් ඌව පිල පරාජය කරන ලදී (1-0)
♦ දකුණ පිල විසින් රජරට පිල පරාජය කරන ලදී (2-1)
♦ සබරගමුව පිල විසින් බස්නාහිර පිල පරාජය කරන ලදී (2-1)


අදහස් (0)

උතුර පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.