Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුර අවසන් තරගයට

උතුර අවසන් තරගයට

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මඩකලපුවේදී ඊයේ (01) පස්වරුවේ පැවැති අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ උතුරු පිල සහ නැගෙනහිර පිල අතර පැවැති තෙවැනි අවසන් පූර්ව තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමග සෙනසුරාදා (05) පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශ ලබාගත්තේය.

අවසන් පූර්ව වටයේ තරග 4කින් සමන්විතය. දෙපිල අතර පැවැති පළමු අවසන් පූර්ව තරගය ගෝල 1-0 කට ජයගැනීමේ වාසිය තුළ උතුර කණ්ඩායම මෙසේ අවසන් මහ තරගයට වරම් ලැබීය.

මෙහිදී අද (2) සබරගමුව පිල හා දකුණු පිල අතර පැවැත්වෙන සිව්වැනි අවසන් පූර්ව තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමත්, සබරගමුව පිලට අනෙක් පසින් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ප්‍රමාණවත් වේ. ඒ දෙපිල අතර පැවැති පළමු අවසන් පූර්ව තරගය සබරගමුව ජයගැනීමෙනි.  හෙට තරගය පස්වරු 3.30 ට රත්නපුර සීවලී පිටියේදී පැවැත්වේ. 


අදහස් (0)

උතුර අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.