Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඊවා දැල්පන්දු කුසලාන යුද හමුදාවට

ඊවා දැල්පන්දු කුසලාන යුද හමුදාවට

ශනුක අරවින්ද - 2016 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර සමාජ ඊවා කුසලාන දැල්පන්දු තරග මාලාවේ ”ඒ” කාණ්ඩයේ ශූරතාව යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ඒ අවසන් මහ තරගයේදී නුගේගොඩ ශාක්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

යුද හමුදා කණ්ඩායම වසර 2013 දී ජාතික ශූරතාව දිනාගැනීමෙන් පසු ප‍්‍රධාන පෙළේ දැල්පන්දු තරගාවලියක ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් (ඊවා නිෂ්පාදන) ආයතනයේ අනුග‍්‍රහයෙන් සංවිධානය කළ තරගමාලාවේ අවසන් තරග කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ථ පිටියේදී පැවැත්විණි. ඒ සඳහා කණ්ඩායම් 64 ක් සහභාගී වූ බව බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපතිනී ඇලෙක්ෂි ද සිල්වා මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.

හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියක්ද වන  හයිසින්ත් විජේසිංහ මහත්මිය ජයග‍්‍රාහී යුද හමුදා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරයි.

ඇය ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ යුද හමුදා කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් 16 දෙනකු ජාතික දැල්පන්දු එළඹෙන අවසන් තේරීම් සඳහා සහභාගී කිරීමට කටයුතු කරන බවයි. කොළඹ ස්පිීඞ්බර්ඞ් ක‍්‍රීඩා සමාජය තරග මාලාවේ ශූරතා දෙකක් දිනා ගැනීම කැපී පෙණුනි.

තරගමාලාවේ අනුශූරතා හිමිකර  ගත්කණ්ඩායමක ක‍්‍රීඩිකාවක් ලෙස උමංගා සුභාෂිණී එහි දැල්පන්දු රැුජින ලෙස කිරුළ පැළැඳීමද කැපී පෙණුනි.

තරගමාලාවේ අවසන් මහා තරග ප‍්‍රතිඵල හා කුසලතා සම්මාන දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ

වයස 15 න් පහළ - කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාම කණ්ඩායම විසින් කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම පරාජය කරන ලදි. (10/04)
දක්ෂතම ක‍්‍රීඩිකාව - විනුජි ගමගේ (ශාන්ත බි‍්‍රපට්)

වයස 17 න් පහළ - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් කණ්ඩායම විසින් නුගේගොඩ අනුලා විදුහල් කණ්ඩායම පරාජය කරන ලදි. (12/08)
දක්ෂතම ක‍්‍රීඩිකාව - සමන්ති මීගල්ල (සිරිමාවෝ බණ්ඩාරනායක)

වයස 19 න් පහළ - කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම විසින් කළුතර ශුද්ධ වූ කන්‍යාරාම කණ්ඩායම පරාජය කරන ලදි. (27/17)
දක්ෂතම කී‍්‍රඩිකාව - වාසනා රත්නායක (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

ජත්‍යාන්තර පාසල් කාණ්ඩය - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම විසින් කොළඹ (දකුණු) ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පරාජය කරන ලදි. (15/06)
දක්ෂතම ක‍්‍රීඩිකාව - පවනි රරෙන්පුර (ලයිසියම්)

මිශ‍්‍ර කාණ්ඩය - (ක‍්‍රීඩකයන්ද ඇතුළත් කණ්ඩායම්) නුගේගොඩ ශාක්ස් කණ්ඩායම විසින් කුරණ යුනයිටඞ් කණ්ඩායම පරාජය කරන ලදි.
දක්ෂතව ක‍්‍රීඩකයා - චානුක ෂෙහාන් (ශාක්ස්)

”බී” කාණ්ඩය - ස්පිඞ් බර්ඞ් කණ්ඩායම විසින් කුරණ යුනයිටඞ් කණ්ඩායම පරාජය කරන ලදි (20/17)
දක්ෂතම ක‍්‍රීඩිකාව - කෙයාෂා සිරිවර්ධන (ස්පීඞ් බර්ඞ්)

වයස 35 න් ඉහළ කාණ්ඩය - ස්පීඞ් බර්ඞ් කණ්ඩායම විසින් කොළඹ ශාන්ත බි‍්‍රජට් කෙසාරාට කණ්ඩායම පරාජය කරන ලදි. (15/09)
දක්ෂතම ක‍්‍රීඩිකාව - ෂෙවොන් පෙරේරා (ස්පිඞ් බර්ඞ්)

ඒ කාණ්ඩය - යුද හමුදා කණ්ඩායම විසින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම පරාජය විසින් ලදි. (36/12)
දක්ෂතම ක‍්‍රීඩිකාව - සමෘද්ධි අබේගුණවර්ධන (යුද හමුදාව)

දැල්පන්දු රැජින - උමංගා සුභාෂිණී (යුනයිටඞ්)
දැල්පන්දු රජු - එම්. ධනුක (ශාක්ස්)

●●●

 


අදහස් (0)

ඊවා දැල්පන්දු කුසලාන යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.