වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී මාස් ඇක්ටිව් පිල පරදවා ලකුණු 125 කින් ජයගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම අද (01 වැනිදා) සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජෝන් කීල්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් අතර ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 243 ක් රැස් කිරීමට සමත් විය. භානුක රාජපක්ෂ (70) අර්ධ ශතකයක් ලබාගත් නමුත් මාස් ඇක්ටිව් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවු ඉසුරු උදාන ලකුණු 43 කට කඩුලූ 4 ක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 244 ක ඉලක්කයක් හඹා ගිය මාස් ඇක්ටිව් කණ්ඩායම ඕවර 28.2 කදී ලකුණු 118 කට සියලු දෙනා දැවී ගියේය. මාස් ඇක්ටිව් පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ඉෂාන් ජයරත්න ලකුණු 42 කට කඩුලූ 5 දවා ගැනීමට සමත්විය.
ජෝන් කීල්ස් ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 243
(භානුක රාජපක්ෂ 70, දිමුත් කරුණාරත්න 39, රොෂේන් සිල්වා 26, දෙනුවන් රාජකරුණා 26, කනිෂ්ක ඇල්විටිගල 31, ඉසුරු උදාන 43/4, ඩිල්ෂාන් මුණවීර 20/2, අකිල ධනංජය 45/2)
මාස් ඇක්ටිව් ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 118
(කිත්රුවන් විතානගේ 25, ඩිල්ෂාන් මුණවීර 22, ඉෂාන් ජයරත්න 42/5, ශමින්ද එරංග 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.