Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය සංචිතයේ තවත් අයකුට කොරෝනා

ඉන්දීය සංචිතයේ තවත් අයකුට කොරෝනා

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ පුහුණු පන්දු යවන්නකු වන දයානන්ද් ගරානීට කොරෝනා වයිරසය ආසාධනයවී ඇති බව දැනගන්නට ලැබේ. කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ඊයේ (15 වැනිදා) දැනගන්නට ලැබුනද ඔහු පසුගිය දින 8 ක් පුරා හුදකලාවී සිට ඇත.

මේ වනවිට හුදකලා කාලය නිමාවීමට ආසන්නව ඇති රිෂාබ් පාන්ට් ඩර්හැම්හී සිටින ඉන්දීය සංචිතය සමගින් එක්වීමට පෙර පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකක් සෘණාත්මක බව පෙන්විය යුතුය.

දයානන්ද් ගරානීගේ සමීපතයන් ලෙස රිදිමාන් සාහා, ආරම්භක පිතිකරු අභිමන්යු ඊශ්වරන් සහ පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් හදුනාගෙන ඇති අතර මේ වනවිට ඔවුන් හුදකලා කිරීමට ලක්කර ඇත. ලබන මස 4 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය සංචිතය ජෛව ආරක්‍ෂිත බුබුලකට එක්වීමට නියමිතව ඇත.

පසුගිය මස පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයෙන් පසුව එංගලන්තයේ රැඳී සිටි ඉන්දීය ක්‍රීඩකයන්ට නැවතත් ජෛව ආරක්‍ෂිත බුබුල සමගින් එක්වීමට පෙර දින 20 ක විවේකයක් ලබාදී තිබුණි. එම විවේක කාලයේදී රිෂාබ් පාන්ට්  සිය මිතුරන් සමගින් විම්බල්ඩන් ටෙනිස් තරගයක් සහ යූරෝ කුසලාන තරගාවලිය යටතේ පැවැති එංගලන්තය සහ ජර්මනිය අතර පාපන්දු තරගයක් නැරඹීමට ගොස් ඇත.


- 2079

 


අදහස් (0)

ඉන්දීය සංචිතයේ තවත් අයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.