Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාවටත් ගෝල 5 - 0 කින් පරදී

ඉන්දියාවටත් ගෝල 5 - 0 කින් පරදී

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ඩකා නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි දකුණු ආසියානු පාපන්දු කාන්තා වයස 19න් පහළ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව පෙරේදා (13 වැනිදා) පැවැති තරගයකදී ඉන්දියාවට ගෝල 5-0කින් පරාජය විය.

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය මෙයයි. පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාව භූතානයට පරාජය වූයේ, ගෝල 5-0කිනි. ඉන්දීය ක්‍රීඩිකාවෝ ගෝල 4-0ක් ලෙස පළමු භාගයේදීම ඉතා පැහැදිලි ලෙස තරගයේ ජයග්‍රහණය කරා අවතීර්ණ වී සිටියහ.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව අද (15 වැනිදා) නේපාලයට එරෙහිව සිය තෙවැනි තරගයට සහභාගි වේ. පෙරේදා පැවැති තවත් තරගයකදී බංග්ලාදේශය විසින් නේපාලය ගෝල 6-0කින් පරාජය කරන ලදී. මෙතෙක් තරගාවලියේ ගෝලලාභීන් වූ ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනයට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන සුභාෂිණී මධුෂානි ද ඇතුළත්ව සිටින්නීය.

ඊට හේතුව භූතානයට එරෙහිව පැවැති තරගයේදී වැරැදීමකින් ඇයගේ පන්දු පහරක් ශ්‍රී ලංකා දැල තුළට යාමෙන් එය ප්‍රතිවාදීන්ට ලකුණක් හිමි වූ ඕන් ගෝලයක් බවට පත්වීමයි.

මෙම තරගාවලියේ විනිසුරු හා තීරක මණ්‍ඩලයේ ශ්‍රී ලාංකික විනිසුරුවරියෝ දෙදෙ​ෙනක් ද ඇතුළත්ව සිටිති. පබසරා මිණිසරණි හා මලීකා මධුෂානි මෙනෙවියෝ ඔවුහු වෙති.

එහිදී බංග්ලාදේශය හා භූතානය අතර පැවැති තරගයේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස පබසරා මිණිසරණි මෙනෙවිය ද එහි සහාය විනිසුරුවරියක ලෙස මලීකා මධුෂානි මෙ​නෙවිය ද කටයුතු කළහ.

 


අදහස් (1)

ඉන්දියාවටත් ගෝල 5 - 0 කින් පරදී
  • parakrama Thursday, 16 December 2021 03:57 AM

    පාපන්දු කියන්නේ දුප්පතාගේ ක්‍රීඩාව. ලොකු පිට්ටනියක එකොලොස් දෙනෙක් දවස පුරා කාලය කා දමන ක්‍රිකට් ගහනකොට ඒ පිට්ටනියේම විනාඩි අනූවේ ෆුට්බොල් මැච් ගොඩක් ගහන්න පුළුවන්... අවාසනාවකට මේ දුප්පතාගේ ක්‍රීඩාවට සැලකිලි මදි. කොච්චර පැරදුනත් කමක් නෑ කැපවෙලා පුහුණුවීම් කරන්න. ඉදිරියේ දිනුම් ලැබෙයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.