Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාව දඩ කයි

ඉන්දියාව දඩ කයි

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (23 වැනිදා) කේප් ටවුන්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාව තුළ ඕවර 50 යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් නියම කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පැළැන්තියේ තරග තීරකවරයකු වන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා ලෝකේෂ් රාහුල් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට මෙම දඩ මුදල නියම කර ඇත්තේ ඔවුන් නියමිත වේලාව අවසන් වන විට ඕවර 2 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙනි.
 
අන්තර් ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් හඳුනවාදී ඇති නීති මාලාවවේ 2.22 වගන්තියට අනුව ඕනෑම කණ්ඩායමක් නියමිත වේලාවට යවා නිම කිරීමට අසමත් වන එක් ඕවරයකට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කළ හැකිය.

එහිදී ලෝකේෂ් රාහුල් සිය කණ්ඩායම වෙනුවෙන් වරද පිළිගෙන ඇති බවත්, එබැවින් ඒ සඳහා වැඩිදුර පරීක්ෂණයක් නොපැවැත්වෙන බවත් තරග තීරකවරයා පවසයි.

පිටියේ විසිසුරුවන් ලෙස කටයුතු කළ මේරිස් එරැස්මස්, බොන්ගානි ජේල්, තෙවැනි විනිසුරු අලුහුඩීන් පලේකර් සහ සිවුවැනි විනිසුරු ඇඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් යන මහත්වරු මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට පැමිණිළි කර ඇත.

-036

 


අදහස් (0)

ඉන්දියාව දඩ කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.