ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී ශ්‍රී ලංකාවට හිමි වූ එකම රන් පදක්කමට හිමිකම් කීමට අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩය යටතේ තරග වැදුණ ඉන්දික ප්‍රසාද් සමත් විය. එම වයස් කාණ්ඩයේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉන්දික, පිරිමි යුගල ඉසව්වේදී දිමුතු ප්‍රසන්න සමග එක්ව රිදී පදක්කමක්ද දිනාගත්තේය. අනෙක් රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි වූයේ අවුරුදු 50 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි කණ්ඩායම් ඉසව්වෙනි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ මාලදිවයින නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 230 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වූහ.
පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
රන් පදක්කම
■ ඉන්දික ප්‍රසාද් (අවුරුදු 40 ට වැඩි පිරිමි කේවල ඉසව්ව)
රිදී පදක්කම්
■ ඉන්දික ප්‍රසාද් සහ දිමුතු ප්‍රසන්න - (අවුරුදු 40 ට වැඩි පිරිමි යුගල ඉසව්ව)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - (අවුරුදු 50 ට වැඩි පිරිමි කණ්ඩායම් ඉසව්ව)
ලෝකඩ පදක්කම්
■ උදයංගනී අලුවිහාරේ - (අවුරුදු 40 ට වැඩි කාන්තා කේවල ඉසව්ව)
■ නාමල් ගුණසේකර - (අවුරුදු 50 ට වැඩි කාන්තා කේවල ඉසව්ව)
■ අමා සුරවීර - (අවුරුදු 65 ට වැඩි කාන්තා කේවල ඉසව්ව)
■ ප්‍රේමාංජිනී පෙරේරා සහ කසුන් නිලන්ති - (අවුරුදු 40 ට වැඩි කාන්තා යුගල ඉසව්ව)
■ නිල්මිණී විජේතුංග සහ තමාරා හේවගේ - (අවුරුදු 50 ට වැඩි කාන්තා යුගල ඉසව්ව)
■ දීපක් නරේන්ද්‍ර සහ එන්. එච්. පියාදාස - (අවුරුදු 60 ට වැඩි පිරිමි යුගල ඉසව්ව)
■ නිමල් ලූකස් සහ මොහොමඞ් ලෆීර් - (අවුරුදු 65 ට වැඩි පිරිමි යුගල ඉසව්ව)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - (අවුරුදු 40 ට වැඩි පිරිමි කණ්ඩායම් ඉසව්ව)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - (අවුරුදු 40 ට වැඩි කාන්තා කණ්ඩායම් ඉසව්ව)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - (අවුරුදු 50 ට වැඩි කාන්තා කණ්ඩායම් ඉසව්ව)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - (අවුරුදු 65 ට වැඩි කාන්තා කණ්ඩායම් ඉසව්ව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.