Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක, ජයග‍්‍රහණයෙන් අනතුරුව පේ‍්‍රක්ෂකයන් පිනවීමේ අදහසින් සිය යතුරුපැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන පැදයාමට උත්සහ කිරීමේදී ධාවන පථය මත ඇද වැටීමකට ලක්විය.
එම ඇද වැටීමෙන් ඔහුගේ දකුණු උරහිස ප‍්‍රදේශය ආබාධයකට ලක්වූ අතර වහාම කි‍්‍රයාත්මක වූ තරග සංවිධායකයෝ ප‍්‍රතිකාර සඳහා ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළහ.
මෙම සිදුවීම නිසා ඔහුට අවසන් තරගයේ ශූරතා කුසලාන මෙන්ම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමිවන ශූරතා කුසලාන ලබාගැනීම සඳහාද පැමිණීමට නොහැකි වූ අතර ඔහු වෙනුවට ටී. වී. එස්. කණ්ඩායමේ කලමණාකරු එම කුසලාන ද්විත්වය ලබාගැනීම සඳහා පැමිණියේය.
සියැට් - ස්ලාඩා ශූරතාවලියේ සිව්වැනි සහ අවසන් යතුරුපැදි තරගාවලිය වන ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වෙන බැවින් හටගෙන ඇති අබාධ තත්ත්වයත් සමග එම තරගාවලියට සහභාගි වීමට හැකිවේවිදැයි කළ විමසුමකදී ඉෂාන් දසනායක කියා සිටියේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නෙවන බවත්, ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට තවත් මාසයකට වැඩි කාලයක් ඇති බැවින් කෙසේ හෝ එම තරගාවලියට සහභාගි වන බවත්ය.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.