Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් නායකයා ඉවතට

ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් නායකයා ඉවතට

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේට එරෙහිව පසුගිය මාර්තු මාසයේ අබුඩාබිහිදී පැවති ටෙස්ට් තරගය පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානු ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් අස්ගර් ඇෆ්ගන් ඉවත් කිරීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ.

“කණ්ඩායමේ නායකයා ලෙස ඇෆ්ගන් ගත් සමහර තීරණ හේතුවෙන් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පරාජයට පත්වුනා” යැයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබිණ. තරගය අතරතුර ඇෆ්ගන් විසින් ගනු ලැබූ විශේෂිත තීරණයක් පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් ඉස්මතු කර නොතිබුණද, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩල විමර්ශන කමිටුව විසින් කරන ලද පරීක්ෂණයක් පදනම් කරගනිමින් ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

පළමු ටෙස්ට් තරගයේදී දින දෙකක් ඇතුළත ඇෆ්ගනිස්ථානය කඩුලු 10 කින් පරාජය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. එහෙත් දෙවන ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගනිමින් ඇෆ්ගනිස්ථානය තරගාවලිය 1-1 ක්ලෙස සම කර ගැනීමට සමත්විය.
නව ටෙස්ට් හා එක්දින නායකයා ලෙස වමතින් පිතිකරුවෙකු වන හෂ්මතුල්ලා ෂාහිඩි පත් කළ අතර රහ්මාත් ෂා මෙම ආකෘති දෙකෙහිම ෂාහිඩ්ගේ උපා නායකයා ලෙස කටයුතු කරනු ඇත.

විස්සයි20 කණ්ඩායමේ උප නායකයා ලෙස රෂීඩ් ඛාන් ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර නායකයකු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය පවසයි.

2019 ලෝක කුසලානයට පෙර ද කණ්ඩායමේ නායකත්වය අස්ගර් ඇෆ්ගන් විසින් දරනු ලැබූ අතර, ලෝක කුසලානයට මාස 2කට පමණ පෙර ඔහුව නායකත්වයෙන් නෙරපීමට කටයුතු කෙරුණි. කෙසේ වෙතත්, ඊට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් විරෝධය ද එල්ල වූ අතර, ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට සමත් වූයේ ද නැත.

යළිත් 2019 දෙසැම්බර් මාසයේ දී අස්ගර් ඇෆ්ගන් දෙවැනි වරටත් නායකත්වයට පත් කෙරුණි.

 

- 2079

 


අදහස් (0)

ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් නායකයා ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.