Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇල්වීෂියස් විදුහලට ඉනිමක ජයක්

ඇල්වීෂියස් විදුහලට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදී බලපිටිය රේවත විදුහල පරදවා ඉනිමකින් සහ ලකුණු 140 කින් ජයගැනීමට ගාල්ල ඇල්වීෂියස් විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 238 ක ඉලක්කයක් හඹා ගිය රේවත විදුහලට සිය දෙවැනි ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 98 ක් පමණි. එහිදී හරීෂ් නිලන්¥වගේ ලකුණු 19 කට කඩුලූ 4 ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

අශේන් බණ්ඩාර (87) සහ දිල්රුක් හෂාන් (නොදැවී 60) අර්ධ ශතක රැුස්කරමින් ඇල්වීෂියස් විදුහලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 273 ක් දක්වා ඔසවා තැබූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රේවත විදුහලට සියුලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 35 ක් පමණි. එහිදී දක්ෂ පන්දුයැවීමක නිරතවූ යසිරු ගුණවර්ධන ලකුණු 14 කට කඩුලූ 6 ක් දවාගත්තේය. තරගය අවසානයේ යසිරුගේ කඩුලූ මල්ල ලකුණු 41 කට කඩුලූ 8 ක් වශයෙන් බරවී තිබිණ.

රේවත විදුහල පළමු ඉනිම -  ඕවර 27.5 කදී සියලූදෙනා දැවී 35
(යසිරු ගුණවර්ධන 14/6, අශාන් මධුසංක 17/3)

ඇල්වීෂියස් විදුහල පළමු ඉනිම -  ඕවර 68 කදී කඩුලූ 5 කට 273
(අශේන් බණ්ඩාර 87, දිල්රුක් හෂාන් නොදැවී 60, රුචික සඳකැලූම් 43, රෂ්මික ධනංජය නොදැවී 21, නවිඳු නිර්මාල් 21, දිල්ෂාන් ද සොයිසා 30/2)

රේවත විදුහල දෙවැනි ඉනිම -  ඕවර 43.4 කදී සියලූදෙනා දැවී 98
(සුරේෂ් කුමාර 19, දිල්ෂාන් ද සොයිසා 50, හරීෂ් නිලන්¥වගේ 19/4, යසිරු ගුණවර්ධන 27/2, ප‍්‍රමොද් චතුරංග 31/2)

036


අදහස් (1)

ඇල්වීෂියස් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.