Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමරිකාව 400x4 අවසන් තරගයට පැනගනී

ඇමරිකාව 400x4 අවසන් තරගයට පැනගනී

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම මීටර 100x4 සහාය දිවීමේ අවසන් තරගය අහිමි කරගත් නමුත් අද (6 වැනිදා) පැවති මීටර 400x4 සහාය දිවීමේ අවසන් පූර්ව තරගයේදී පහසු ජයක් අත්කර ගත්තේය. එම ඉසව්ව සඳහා පැවැති පළමු මූලික තරගය ජයගත් ඇමරිකානු කණ්ඩායමේ තරග කාලය වූයේ විනාඩි 2 තත්පර 57.77 කි.

පළමු මූලික තරගයට පිවිසි කණ්ඩායම් 8 න් කණ්ඩායම් 5 ක්ම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. දෙවැනි මූලික තරගයෙන් කණ්ඩායම් 3 ක් තෝරා ගැනිණ.

කෙසේ වෙතත් කෙටිදුර ධාවනයේ තරමක් නම්දැරූ කණ්ඩායම් දෙකක් වන එක්සත් රාජධානිය සහ ප්‍රංශයටද අවසන් තරගයේ ස්ථාන අහිමිවී තිබිණ.  


මීටර 400x4 අවසන් තරගය සඳහා සුදුසුකම් ලද කණ්ඩායම්
ඇමරිකා එක්සත් ජනපදය, බොට්ස්වානා, ටි්‍රනිඩෑඩ් ඇන්ඩ ටොබේගෝ, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ජැමෙයිකාව සහ බෙල්ජියම

- 213

 


අදහස් (0)

ඇමරිකාව 400x4 අවසන් තරගයට පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.