Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇන්ජලෝ මහනුවර නායකත්වයට

ඇන්ජලෝ මහනුවර නායකත්වයට

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ලංකා ප‍්‍රිමීයර් ලීග් තරගාවලියට එක්වන කැන්ඩි වොරියර්ස් පිලේ නායකත්වය තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ පෙරේරාට හිමිව ඇත. පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක මහනුවර පිලේ උපනායකත්වයට පත්කර ඇත. කැන්ඩි වොරියර්ස් පිලේ සුවිශේෂී ක‍්‍රීඩකයා වන්නේද අසලංකය.

ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 6 බැගින් ක‍්‍රීඩා කර ඇත.

මහනුවර පිලේ පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික ලාල්චන්ද් රාජ්පුත් මහතා කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස රුවින් පිරීස් මහතා කටයුතු කරයි.

කැන්ඩි වොරියර්ස් පිලේ ක‍්‍රිකට් අධ්‍යක්‍ෂක ලෙස අතුල් වසන් මහතාද, කළමණාකරු ලෙස 80 දශකයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන විනෝදන් ජෝන් මහතාද කටයුතු කරති. ඊට අමතරව මෙහෙයුම් කළමණාකරු ලෙස ශ්‍යාම් ඉම්පෙට් මහතා නම්කර තිබේ.

ඉන්දීය ජාතිකයන් වන රවී ගුප්තා සහ පංකජ් ත‍්‍රීපාටී යන මහත්වරු කැන්ඩි වොරියර්ස් පිලේ මෙවර හිමිකාරීත්වය දරති.

- 2079

 


අදහස් (0)

ඇන්ජලෝ මහනුවර නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.