Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇතුගල්පුර සටන අද - හෙට

ඇතුගල්පුර සටන අද - හෙට

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මලියදේව විදුහල සහ ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සුදානම් කළ ඇතුගල්පුර සටන‘ මහ ක්‍රිකට් තරගය නියමිත පරිදි පැවැත්වෙන බව විදුහල් දෙකේම සංවිධායක මණ්ඩල සාමාජිකයෝ කියති.

“තරගය සම්බන්ධයෙන් අපි සියලුම දේ සූදානම් කරලා ඉවරයි. ඒ නිසා දෙදින තරගය කොහොමත් පැවැත්වෙනවා... ඒත් අපි විමසිල්ලෙන් ඉන්නවා. තත්ත්වය බලලා එක්දින තරගය ගැන තීරණයක් ගන්නවා“ යයි මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය  සංගමයේ සභාපති චන්දන ගුරුගේ මහතා පැවසීය.

ශාන්ත ආනා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද ගණේගොඩ මහතාද තම ප්‍රකාශයට එකඟ වූ බවත් ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ඇතුගල්පුර සටන අද සහ හෙට  (13 සහ 14) දිනවලදී පැවැත්වේ.


අදහස් (0)

ඇතුගල්පුර සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.