Last Update  :  2026-04-29 17:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කුසලාන සංචිතය 15 ට අඩු කරයි

ආසියානු කුසලාන සංචිතය 15 ට අඩු කරයි

editorial - 2026 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

හොංකොංහිදී ලබන අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලිය ළගා වෙමින් තිබියදී මෙතෙක් පවත්වා ගෙන ආ 18 දෙනකුගෙන් සමන්විත ජාතික දැල්පන්දු සංචිතය 15 කට අඩු කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ එයින් 12 දෙනකු ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේෂ කර ගන්නා අතර ඉතිරි තිදෙනා අතිරේක ක්‍රීඩිකාවන් ලෙස නම් කිරීමයි.

 ගිය වර තරගාවලියේදී (2024) අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා දුලංගි වන්නිතිලක සමග එහි ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කීප දෙනකුද ඇතුළුව එක් පාසල් ක්‍රීඩිකාවක්ද 15 දෙනාගේ සංචිතයට නිර්දේෂවී සිටියි.

 ඒ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ තුමල්කා ඒකනායකයි.ජාතික දැල්පන්දු පුහුණුකාරිණී සොමිතා අල්විස් මහත්මිය ජාතික දැල්පන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් බන්ඩාරගම ගෘහස්ථ පිටියේදී මේ වන විට පවත්වා ගෙන යයි.

 මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේෂ කිරීමට පෙර ඕස්ට්‍රේලියාවේ පුහුණු සංචාරයකට 15 දෙනාගේ සංචිතය සහභාගි කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අවධානය යොමු කර තිබේ.ඒ අතර ආසියානු තරග සංචාරයට පෙර විදේශීය දැල්පන්දු පූහුණු උපදේශකවරියකගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටද දැල්පන්දු සම්මේලනය සැලසුම් කර තිබේ.

වසර 2027 අගොස්තු 25 සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා සිඩිනි නුවරදී පැවැත්වෙන මීළග ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබන කණ්ඩායම් දෙක එළඹෙන ආසියානු තරගාවලියෙන් නිර්දේශ කර ගන්නා බැවින් මෙවර ආසියානු තරගාවලිය වඩාත් වැදගත්කමක් ගෙන තිබේ.

එහිදී ශ්‍රී ලංකාව අවම ඒ සදහා එහි අවසන් මහ තරගයට (ශූරියන් හෝ අනුශූරියන් වීමෙන්) නිර්දේශ ලබා ගත යුතුය.

 

ජාතික නව දැල්පන්දු සංචිතය: -

තිසාලා අල්ගම, භාෂි උඩගෙදර, රශ්මි පෙරේරා, ගයනි දිසානායක, දුලංගි වන්නිතිලක, ගයන්ජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, චලනී නිෂා, රුක්ෂලා හපුආරච්චි, තුමල්කා ඒකනායක, ඉෂාරා ධර්මසිරි, අංජලිකා තිලකරත්න, සමෘද්ධි ද සිල්වා, තිමී වසන්තප්‍රිය හා මල්මී හෙට්ටිආරච්චි

 


අදහස් (0)

ආසියානු කුසලාන සංචිතය 15 ට අඩු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.