Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු තරගාවලියට 8 ක් යති

ආසියානු තරගාවලියට 8 ක් යති

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එළැඹෙන අගෝස්තු මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වන තරගාවලියක් ලෙස මෙය සැලකේ.


තරගාවලිය මෙම 21 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෂ්කෙන්ට්හිදී පැවැත්වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ පදක්කම්ලාභී සුදේෂ් පීරිස් සහ චින්තන විදානගේ මෙම තරගාවලියට සහභාගිවන්නේ ජාත්‍යන්තර අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයන් දෙදෙනකු ලෙසනි.  
කමල් එගොඩවත්ත හැරෙන්නට සෙසු ක‍්‍රීඩකයන් හත් දෙනාම නිමා වු ඇසෑම් හි පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් ලාභීහු වෙති.


 කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් තරග කරන සුදේෂ් පීරිස් ඔලිම්පික් පරිසාධන මට්ටමට ලබා ගැනීමට කිලෝග‍්‍රෑම් 280 ක බර ප‍්‍රමාණයක් එසවිය යුතුය. සුදේශ්ගේ උපරිම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 273 කි.


කිලෝග‍්‍රෑම් 77 බර පංතිය නියෝජනය කරන චින්තන ගීතාල් විදානගේට, මෙවර ඔලිම්පික් වරම් ලැබීම සදහා කිලෝග‍්‍රෑම් 310 ක බර ප‍්‍රමාණයක් එසවීමට සිදුවේ. චින්තන සිය බර පංතියෙන් මෙතෙක් දක්වා ඇති හොදම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 300 ක බර ප‍්‍රමාණයක් එසවීමයි. සාග් බර ඉසිලීමේ රිදී පදක්කම් ලාභීන් වන ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ද දස්කම් අතර සිටින ක‍්‍රීඩකයෝ වෙති.


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම:


ජේ. ඒ. චතුරංග ලක්මාල් (කි.ග‍්‍රෑ. 56), කමල් එගොඩවත්ත (කි.ග‍්‍රෑ. 56), සුදේෂ් පීරිස් (කි.ග‍්‍රෑ. 62), තිලංක පලගසිංහ (කි.ග‍්‍රෑ. 62), ඉන්දික දිසානායක (කි.ග‍්‍රෑ.69), චින්තන විදානගේ (කි.ග‍්‍රෑ. 77), තුසිත අබේකෝන් (කි.ග‍්‍රෑ. 94), ෂානක පීටර්ස් (කි.ග‍්‍රෑ. 105), පී. කේ. එන්. දයාන් මහතා (පුහුණුකරු) සහ පී. ඒ. ආර්. බණ්ඩාර මහතා (කළමනාකරු)

 


අදහස් (0)

ආසියානු තරගාවලියට 8 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.