ආසියානු වෙරළ (බීච්) වොලිබෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් අද (6 වැනිදා) තායිලන්තය බලා පිටත්ව යති.
රටවල් 20 ක පමණ සහභාගීත්වයෙන් හෙට (7) ආරම්භ වන මෙම තරගාවලිය මේ මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
වෙරළ වොලිබෝල් ජාතික සංචිතයට ඇතුළත්ව සිටි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් යුත් සංචිතයෙන් මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අට දෙනා තෝරා ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම :
අසංක ප‍්‍රදීප් කුමාර (ගුවන් හමුදාව), පුබුදු ඒකනායක (ගුවන් හමුදාව), අංජන සංදීප (යුද හමුදාව), රංග ප‍්‍රභාත් (ජාතික තරුණ සේවා සභාව)
ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම :
ගීතිකා ගුණවර්ධන (ගුවන් හමුදාව), සාගරී ගුණසිංහ (නාවික හමුදාව), කසුනි තාරකා (ගුවන් හමුදාව), රුවනි තක්ෂිලා (කැෂුවලයින්),
ප‍්‍රසන්න උදය කුමාර මහතා (පුහුණුකරු, පිරිමි), මහේෂ් පෙරේරා මහතා (පුහුණුකරු, කාන්තා), කේ. ආර්. ඞී. සී. රත්නමුදලි මහතා (කළමනාකරු)
.jpg)
ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.