හම්බන්තොට හා කොළඹ කේන්ද්‍ර කරගනිමින් 2017 දී පැවැත්විමට නියමිතව තිබූ ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල නොපැවැත්වීමට තීරණය කළ බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
"2017 වසරේ ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල අපි කරන්නෙ නෑ. තරගාවලිය නොපැවත්වීමට අපි ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා.” යයි කෙරුණු විමසුමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේය.
ආසියානු යොවුන් ක‍්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට සිදුවෙන බව ආසියානු ඔලිම්පික් කමිටුව දන්වා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්න මහතා මීට ඉහතදී ප‍්‍රකාශ කළ අතර නැවතත් කෙරුණු විමසීමේදී සභාපතිවරයා සදහන් කළේ ඉවත් කිරීම දන්වා ඇතත් ඒ පිළිබද නිල නිවේදනයක් ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට එවා නොමැති බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,
"ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල අපෙන් නිල වශයෙන් අරගෙන නෑ. නමුත් අපට දැනුම්දීල තියෙනවා, ඒක අපෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි එ්ක කරල නෑ. සමහර වෙලාවට අලූත් ඇමැතිතුමා ගිහිල්ලා ආසියානු ඔලිම්පික් සභාපතිතුමා හමුවෙලා සාකච්ඡ කළහොත් තරගාවලිය පැවැත්වීමට හැකි වෙයි. නමුත් මේ කෙටි කාලයක් තුළ ඒක කරන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක් ” යැයි සදහන් කළේය.
මේ අතර අද (06 වැනිදා) ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින් හා අමාත්‍යවරයා අතර රැස්වීමක් පැවැත්වීමට නියම්තය.
2017 වසරේදී ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ තුන්වෙනි වතාවටය. ඒ සදහා රටවල් 45ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකායන් 5000 කට අධික ප‍්‍රමාණයක් එක්වීමට නියමිතව තිබුණු බව ආසියානු ඔලිම්පික් කමිටුවේ නිල වෙබ් අඩවිය සදහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.