කසකස්ථානයේ පැවැත්වෙන ආසියානු ශූරතා පාපැදි තරගාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ගුවන් භට නිදූෂ නිරන්ත ප‍්‍රනාන්දු සහ ගුවන් භට නිපුන් ශිරාන් ප‍්‍රනාන්දු මේ මස 25 වැනිදා කසකස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
ජපානය, චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් 41 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 34 වැනි ආසියානු ශූරතා පාපැදි තරගාවලිය, මේ මස 31 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යෙදා ඇත.
ගුවන් හමුදාව නියෝජනය කරන ක‍්‍රීඩකයන් දෙදෙනා වන නිදූෂ සහ නිපුන් සොහොයුරන් වීමද විශේෂත්වයකි. මෙම තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයින් 04 දෙනකු සහභාගි වීමට නියමිතව ඇති අතර කි‍්‍රෂාන්ත රාජපක්‍ෂ සහ පී. ජී. සමන් කුමාර දෙදෙනා යුද හමුදාව නියෝජනය කරමින් ආසියානු පාපැදි ශූරතාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති කේ. පී. පී. පතිරණ මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙසද, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් සේනාරත්න මහතා සහ ටියුඩර් විජේසූරිය යන මහත්වරු පුහුණුකරුවන් ලෙසද තරගාවලියට සහභාගි වීමට නියමිතය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.