තායිලන්තයේ බැංකොක් නුවරදී මේ මස 24 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන 2014 ආසියනු යොවුන් බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් තිදෙනෙක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඩබ්. ඒ. සංජය කිලෝග‍්‍රෑම් 49 බර පංතියෙන්ද, හොරණ විද්‍යාරතන පිරිවෙනේ ප‍්‍රභාත් චානුක සහ ශමිත් භානුක පිළිවෙලින් කිලෝග‍්‍රෑම් 52 සහ 56 යන බර පංති වලින්ද එම තරගාවලියට සහභාගීවීමට නියමිතය.
2009 වසරේදී ජාතික බොක්සිං වළල්ලට පාතැබූ ඩබ්. ඒ. සංජය, මේවන විට 17 වැනි වියේ පසුවන අතර ඔහු ස්ටබ්ස් පළිහ තරගාවලියේදී 2009 වසරේ සිට 2011 වසර දක්වාත්, 2013 වසරේදීත් රන් පදක්කම් 4 ක් දිනා තිබේ. තවද 2011 වසරේ ආධුනික බොක්සිං තරගාවලියේ සහ 2013 ස්ටබ්ස් පළිහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සමම්මාන ලබා ගැනීමටද සංජය සමත්වී තිබේ.
ප‍්‍රභාත් චානුක සහ ශමිත් භානුක එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු වන අතර වත්මන් ජාතික බොක්සිං වළල්ල තුළ මොවුන් දෙදෙනාම එකිනෙකා අභිබවා යමින් දස්කම් දක්වමින් සිටිති.
ප‍්‍රභාත් චානුක 2012 වසරේ ස්ටබ්ස් පළිහ තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ඇති අතර එහි රන් පදක්කමට හිමිකම් කීවේ ඔහුගේ සොහොයුරු ශමිත් භානුකයි. තවද ශමිත් භානුක ස්ටබ්ස් පළිහ තරගාවලියේදී 2011 වසරේ සිට 2013 වසර දක්වා රන් පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්වී තිබේ.
තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස සුසන්ත වීරසේන මහතා කටයුතු කරන අතර ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අමිල අරවින්ද මහතා සහ හෙරණ විද්‍යාරතන පිරිවෙනේ බන්දුල වික‍්‍රමසිංහ මහතා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
කසකස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව, ඉරානය සහ චීනය මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින රටවල් ලෙස සැලකිය හැකි අතර තායිලන්තය, කිරිගිස්තානය, මොංගෝලියාව, දකුණු කොරියාව, චීන තායිපේ සහ පිලිපීනය යන රටවලින්ද මෙවර තරගාවලියේදී හොඳ තරගයක් බලාපොරොතු විය හැක.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරන බොක්සිං කී‍්‍රඩකයන් තිදෙනා
ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ පුහුණුකරුවන්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.