Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ ආනන්ද විදුහලේ අසේල් සිගේරා ලකුණු 44 කට කඩුලූ 9 ක් දවාගත් අතර ලකුණු 91 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවීගියේය.
ආනන්ද විදුහල වෙනුවෙන් සුපුන් වරාගොඩ (100) ශතකයක් ලබාගත් අතර ධර්මාශෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීමට නිමේෂ් මෙන්ඩිස් (79), සුබාෂ් ලසංග (62) සහ හර්ෂජිත් රුෂාන් (67) සමත් වූහ.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 156
(කවීෂ කුමාර 48, හර්ෂජිත් රුෂාන් 31, රවිඳු රෂාන්ත 20, අසේල් සිගේරා 12/4, සම්මු අෂාන් 64/3)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 69.1 කදී කඩුලූ 8 ක් දැවී 260
(සුපුන් වරාගොඩ 100, අසේල් සිගේරා 91, ළහිරු හිරණ්‍ය නොදැවී 30, ලසිත් කුමාර 44/3, උෂාන් ඉමන්ත 92/2, නිමේෂ් මෙන්ඩිස් 68/2)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 246
(නිමේෂ් මෙන්ඩිස් 79, සුබාෂ් ලසංග 62, හර්ෂජිත් රුෂාන් 67, අසේල් සිගේරා 32/5, සම්මු අෂාන් 82/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.